රක්කවන ලද බිත්තර (Hatching Eggs) ආනයනයට සැලසුම්

දැනට රට තුළ පවතින කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර (Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු සැලසුම් කර තිබෙනවා.

මෙම රක්කවන ලද බිත්තර සතියකට 44,000ක් බැගින් මාසයක කාලයක් තුළ මෙරටට ලැබීමට නියමිත බවයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඒච්. ඩබ්. සිරිල් මහතා ප්‍රකාශ කළේ.

අද (08) පෙරවරුවේ කුකුළු මස් හා බිත්තර හිඟය තුරන් කරලීම සඳහා ගත යුතු පියවර සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මව් කිකිළියන් ආනයනය කිරීම මගින් බිත්තර හා පැටව් ලබා ගැනීම ප්‍රමාද වන බැවින් රක්කවන ලද බිත්තර ආනයනය කිරීම සිදු කෙරෙනවා.

එමගින් මාසයක් වැනි කෙටි කාලයක් තුළ බිත්තර හා මස් පිණිස කුකුළන් ලබා ගැනීමට පහසුවන බැවින් මෙලෙස රක්කවන ලද බිත්තර ආනයනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

නෙදර්ලන්තයේ සිට ආනයනය කෙරෙන මෙම බිත්තර 176,000ක තොගය මගින් ලැබෙන කුකුළු පැටවුන් පසුගිය කොරෝනා වසංගත සමයේ දී වැසීගිය පුද්ගලික අංශයේ කුකුළු ගොවිපොළ වෙත සහන මිලක් යටතේ ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

ඉදිරි මාසයක කාලයක් තුළ මෙම රක්කවන ලද බිත්තර තොගය මෙරටට ලැබීමට නියමිතයි.

මේ අතර කුකුළු බිත්තර රක්කවන ගොවිපොළ අයිතිකරුවන් මෙන්ම බිත්තර නිෂ්පාදක ගොවිපොළ අයිතිකරුවන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුර සාකච්ඡාවක් හෙට (09) පෙරවරු 11ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22