දැනට රට තුළ පවතින කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර (Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු සැලසුම් කර තිබෙනවා.
මෙම රක්කවන ලද බිත්තර සතියකට 44,000ක් බැගින් මාසයක කාලයක් තුළ මෙරටට ලැබීමට නියමිත බවයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඒච්. ඩබ්. සිරිල් මහතා ප්‍රකාශ කළේ.
අද (08) පෙරවරුවේ කුකුළු මස් හා බිත්තර හිඟය තුරන් කරලීම සඳහා ගත යුතු පියවර සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මව් කිකිළියන් ආනයනය කිරීම මගින් බිත්තර හා පැටව් ලබා ගැනීම ප්‍රමාද වන බැවින් රක්කවන ලද බිත්තර ආනයනය කිරීම සිදු කෙරෙනවා.
එමගින් මාසයක් වැනි කෙටි කාලයක් තුළ බිත්තර හා මස් පිණිස කුකුළන් ලබා ගැනීමට පහසුවන බැවින් මෙලෙස රක්කවන ලද බිත්තර ආනයනය කිරීමටයි තීරණය කර ඇත්තේ.
නෙදර්ලන්තයේ සිට ආනයනය කෙරෙන මෙම බිත්තර 176,000ක තොගය මගින් ලැබෙන කුකුළු පැටවුන් පසුගිය කොරෝනා වසංගත සමයේ දී වැසීගිය පුද්ගලික අංශයේ කුකුළු ගොවිපොළ වෙත සහන මිලක් යටතේ ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.
ඉදිරි මාසයක කාලයක් තුළ මෙම රක්කවන ලද බිත්තර තොගය මෙරටට ලැබීමට නියමිතයි.
මේ අතර කුකුළු බිත්තර රක්කවන ගොවිපොළ අයිතිකරුවන් මෙන්ම බිත්තර නිෂ්පාදක ගොවිපොළ අයිතිකරුවන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුර සාකච්ඡාවක් හෙට (09) පෙරවරු 11ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.














PLEASE DO NOT CHASE SMALL FARM OWNERS FROM THE INDUSTRY. THEY ARE THE PEOPLE FACED FOR ALL TROUBLES DURING PAST 2-3 YEARS. ALSO IMPORT PARENT BIRDS AND CHICKS FROM THOSE COUNTRIES. HATCHING EGGS ALSO A SHORT TERM GOOD DECISION. ONCE THE SMALL INDUSRIES GET UP THE MARKET WILL TURN BACK TO NORMAL SOON. DONT DEPENT ON THE BIG PEOPLE DOING ANY OF BUSINESSES, THEY ALL ARE OPPORTUNITIST AND NO HEARTS AND NO WETTING MINDS ABOUT THE COUNTRY AND PEOPLE WHOM GAVE MAXIMUM CONTRIBUTION TO GROW SUCH BIG NOW THEY LIVE IN.