AFC Banner
AFC Banner
Empty Ad

රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ගේ අවසන් කටයුතු ලබන බදාදා රක්වානේ දී

අභාවප්‍රාප්ත ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු උපන් ගම වන රක්වානේ දී එළඹෙන බදාදා සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අද (02) උදෑසන ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකරන අවස්ථාවේ දී අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 41 වන වියෙහි පසු වුණා.

ඔහුගේ දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

සිඩ්නි චන්ද්‍රසේකරගේ ඒ-නයින් ටෙලි නාට්‍යය හරහා දර්ශන් ධර්මරාජ් මුල්වරට රංගන දිවියට පිවිසියා.

2008 වසරේ දී ප්‍රභාකරන් චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරඹු ධර්මරාජ් මචං,ඉනි අවන්, මාතා, ස්පන්දන, ආලෝකෝ උදපාදි, සුනාමි, දැවෙන විහඟුන්, සුපර්ණා වැනි ජනප්‍රිය චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?