රංගන ශිල්පි මහිල් සුරගේට යතුරුපැදියක ගැටීමෙන්  බරපතල තුවාල

ටෙලි නාට්‍ය, චිත‍්‍රපට සහ වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු වූ මහිල් සුරගේ මහතා පාදුක්ක සිරි පියරතන විදුහල අසලදී යතුරුපැදියක හැපී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

එදින පෙරවරුවේ ඔහු සිය මෝටර් රථය නවතා එයින් බැස පාර මාරු වීමට යාමේදී යතුරුපැදියක හැපී ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි. අනතුරට සම්බන්ධ යතුරු පැදිය සහ පැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරට ලක් වූ රංගන ශිල්පි මහිල් මහතා 73 වැනි වියේ පසුවන දෙදරු පියෙකි. ඔහු කුසපබා” පත්තිනි ඇතුළු චිත‍්‍රපට කිහිපයකද පිටගම්කාරයෝ” කීටයා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකද රුවල් බිඳුනු ඔරු” මහා අධිකාරම්” හේත්තුවෝ ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකද සිය රංගන කුසලතා පෙන්වා තිබේ. මෙයට අමතරව ඔහු වෙළඳ දැන්වීම් ශිල්පයකු ලෙසින්ද කටයුතු කරයි. පාදුක්ක” දම්පිටියා මාවතේ පදිංචි ඒ මහතා පාදුක්ක සිරි පියරතන විදුහලේ ආදි සිසුවකු වේ.

සිය වැඩිමහල් සොහොයුරාගේ අත්‍යවශ්‍ය කටයුත්තකට පාදුක්ක නගරයට ගිය අවස්ථාවේදී මෙම රිය අනතුරට මුහුණ පා ඇතැයි ඔහුගේ බාල සොහොයුරකු වන හිටපු බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් (කලා සහ සංස්කෘතික කටයුතු) ප‍්‍රවීන ගුවන් විදුලි නිවේදක සරත් ජයවීර මහතා දිවයිනට පැවසීය. මෙම අනතුර පිළිබඳ පාදුක්ක පොලිස් ස්ථානාධිපති කපිල සේනානායක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36