යෝෂිතට හා ඩේසිට අධිචෝදනා – ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපත් හිමිවෙයි (වීඩියෝ)

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව අද (04) අධි චෝදනා භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේදි මුදල් විශුද්ධීකරණ නඩු කටයුත්තකට අදාළ ව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අදාළ නඩුවේ පූර්ව විභාග සම්මන්ත්‍රණය මැයි මස 30 වැනිදා විභාග කිරීමටත් නියම කෙරුණා.

2012 – 08 -01ත් 2023 -08 -29 කාලය තුළත් රාජගිරියේ දී අයථා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 73ක මුදලක් යොදවා දේපොළ මිල දී ගැනීමේ අධිචෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරුණු අතර විත්තිකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි මතයි, විත්තිකරුවන් දෙදෙනා මෙලෙස අධිකරණයේ පෙනී සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?