Empty Ad
AFC Banner
Empty Ad

යෝෂිතගේ හෙංචයියන් ගැන විශේෂ විමර්ශනයක් ඇරඹෙයි

කොළඹ 02, උද්‍යාන පාරේ (පාක් වීදියේ) පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකුට යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි පිරිසක් විසින් පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොමිපඤ්ඤවීදිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් අද (24) පැවසුවා.

ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැනුම්දීමට නඩුව ඉදිරි දිනක කැඳවන මෙන් ඔවුන් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ලබාගත් බවත් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවත් කී පොලීසිය සැකකරුවන් කිහිපදෙනෙකු අනාවරණය කරගෙන ඇති බවත් පැවසුවා.

සියලු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශන සිදු කර අධිකරණයට දැනුම්දෙන ලෙස නියෝග කළ අතර එතෙක් නඩුව බහා තබන ලෙස රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?