යොවුන් කාන්තා ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට

වයස අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලානය ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට අද (22) හැකියාව ලැබුණා.

ඒ, අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ලකුණු 41 කින් පරාජය කරමින්.

මැලේසියාවේ ක්වලාලම්පුර් හි දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 117ක් රැස් කළා.

අනතුරුව ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ සියල්ල දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 76ක් පමණයි.

මැලේසියාවේ සත්කාරකත්වයෙන් පැවති මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 16ක් එක්ව සිටියා.

මෙවර තරගවලියේ සුපිරි හතර දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදුන් 19න් පහළ කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණත් අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්ද්‍රිකා දුන්නේ පදනමට ලැබෙන මුදල්නේ..මට එහෙම එකතුවෙන පදනමක් නෑ..ඇසූ ප්‍රශ්නයට මෛත්‍රීපාල කිව්ව දේ
06:13
Video thumbnail
ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි..ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි
08:41
Video thumbnail
ලන්සාගේ ගෙදරට මහින්ද හෙළිකොප්ටරෙන් යන්නේ නිකන් නෙවෙයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන්න හැටි මෙන්න
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20


?