යේමනයට අමෙරිකාවෙන් එල්ල වූ දරුණුතම ගුවන් ප්‍රහාරය එල්ල වෙයි

යේමනයට අමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 102 දෙදෙනකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම වසරට යේමනයට එරෙහිව අමෙරිකාව එල්ල කළ මාරාන්තික ප්‍රහාරවලින් එකක් ලෙසයි අද (18) අලුයම ප්‍රහාරය සැලකෙන්නේ.

යේමනයේ රාස් ඊසා තෙල් වරායට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා (CENTCOM) පැවසුවේ ගුවන් ප්‍රහාර හවුතිවරුන්ට අරමුදල් සහ සම්පත් කපා හැරීමේ අරමුණින් සිදු කළ බවයි.

“මෙම ප්‍රහාරවල අරමුණ වූයේ තම සෙසු රටවැසියන්ට සූරාකෑම සහ මහත් වේදනාවක් ගෙන ඒම දිගටම කරගෙන යන හවුතිවරුන්ගේ ආර්ථික බල මූලාශ්‍රය පහත් කිරීම” යැයි CENTCOM සමාජ මාධ්‍යවල සටහනක සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?