AFC Banner
AFC Banner
Empty Ad

යූරියා පොහොර ආනයනයට සමාගම් තුනක්

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනය සඳහා කැඳ වූ පළමු ටෙන්ඩරය අසාර්ථක වීමෙන් පසු කැඳ වූ දෙවන ටෙන්ඩරයෙන් සමාගම් තුනක් තෝරා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම තෝරා ගත් සමාගම් කැබිනට් අනුමැතිය සඳහා හෙට (11) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ මිලදී ගන්නා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක තොගයක් තවත් දින 10 කින් පමණ දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වනවා.

ඉන්දීය ණය ආධාර යටතේ දිවයිනට ගෙන්වූ පොහොර තොගයෙන් අනතුරුව දිවයිනට ළඟා වන පළමු පොහොර තොගය මෙය වීම විශේෂත්වයක්.

මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 150,000ක් ආනයනයට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර ආරම්භ කර තිබුණා.

මෙවර මහ කන්නයේ දී 70%ක් රසායනික පොහොරත්, 30%ක් කාබනික පොහොරත් වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?