යූරියා පොහොර ආනයනයට සමාගම් තුනක්

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනය සඳහා කැඳ වූ පළමු ටෙන්ඩරය අසාර්ථක වීමෙන් පසු කැඳ වූ දෙවන ටෙන්ඩරයෙන් සමාගම් තුනක් තෝරා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම තෝරා ගත් සමාගම් කැබිනට් අනුමැතිය සඳහා හෙට (11) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ මිලදී ගන්නා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක තොගයක් තවත් දින 10 කින් පමණ දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වනවා.

ඉන්දීය ණය ආධාර යටතේ දිවයිනට ගෙන්වූ පොහොර තොගයෙන් අනතුරුව දිවයිනට ළඟා වන පළමු පොහොර තොගය මෙය වීම විශේෂත්වයක්.

මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 150,000ක් ආනයනයට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර ආරම්භ කර තිබුණා.

මෙවර මහ කන්නයේ දී 70%ක් රසායනික පොහොරත්, 30%ක් කාබනික පොහොරත් වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42