AFC Banner
Empty Ad
Empty Ad

යුවළකගෙන් මත්පැන් ඉල්ලූ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

2020 වසරේ ගම්පහ ප්‍රදේශයේ මාර්ගයක අසෝබන ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ යුවළකගෙන් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට නම්; තමන්ට මත්පැන් බෝතල් 02ක් අවශ්‍ය බවට පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ඉල්ලූ බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් චෝදනා ලැබූ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව අධි චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ; විත්තිකාර පාර්ශ්වය විසින් වින්දිත යුවළගේ ජාතික හැඳුනුම්පත් ද ලබාගෙන; මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා ඇති බවයි.

පසුව චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ හැඳුනුම්පත් යුවළ වෙත භාර දී තිබෙනවා.

කෙසේවෙතත් අල්ලස් පනත ‍යටතේ මෙම පොලිස් නිලධාරීන්ට එරෙහිව අධි චෝදනා භාර දුන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?