AFC Banner
Empty Ad
Empty Ad

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර හමුවෙයි (ඡායාරූප)

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහ උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් අතර හමුවක් ඊයේ (09) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණා.

ජනාධිපතිවරණයට අදාළව උතුරු පළාතේ වර්තමාන තත්ත්වය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවගේ උනන්දුව සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී සාකච්ඡා කළා.

ජනාධිපතිවරණය සාධාරණව පැවැත්වීමට උතුරු පළාතේ සියළු කටයුතු සුදානම් කොට ඇති බවද ආණ්ඩුකාරවරිය එහිදී ප්‍රකාශකර තිබෙනවා.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ නියෝජිතයින් උතුරු පළාත තුළ මැතිවරණ නීති උල්ලංඝනය වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

Governor 3 3
Governor 1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?