ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි කාමෙන් මොරිනෝ (Carmen Moreno) මහත්මිය පසුගියදා (17) පාර්ලිමෙන්තු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මෙම රැස්වොඊමට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගි වුණා.
යුරෝපා පාර්ලිමේන්තුව හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර අන්තර් සහයෝගීතාවක් ඇති කරගනිමින් ඉදිරියේ දී කටයුතු කිරීමට ඇති හැකියාවන් පිළිබඳ ව මෙම හමුවේ දී මුලික වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි පැවසෙන්නේ.
මීට අමතරව මෙම අවස්ථාවේ දී අදහස් දැක්වු යුරෝපා සංගමයේ තානාපතිවරිය ශ්‍රී ලංකාවේ නව දේශපාලන පරිවර්තනය හා නව දේශපාලන සංස්කෘතිය පිළිබදව තම ශුභාශිංසන පිරිනැමුවා.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය, සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර පිළිබඳවත්, යුරෝපා සංගමයට
අයත් රටවල සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට යොමුවීම පිළිබදවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.