යුරෝපා සංගමයෙන් මිලියන 15,000ක යූරියා පොහොර නිල වශයෙන් භාරදීම හෙට

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට ලබා දෙන සහනාධාරයක් වශයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාරදීම හෙට (22) දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

එම යූරියා පොහොර හා කෘෂි උපකරණ කට්ටල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත නිල වශයෙන් භාරදීම හම්බන්තොට – බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දී සිදු සිදුකරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ යටතේ වී වගාවෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා හඳුන්වා දී ඇති පැරචුට් වී වගා ක්‍රමය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පැරචුට් තැටි, හා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට උසස් තත්ත්වයේ බීජ වී ගොවි ජනතාවට ලබාදීමට අවශ්‍ය සහයෝගය යුරෝපා සංගමය විසින් පළ කර තිබීම මෙන්ම එම උපකරණ ලබාදීම ඉතා වැදගත් කටයුත්තක් බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

මීට අමතරව පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 07ක හෙක්ටෙයාර් භාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000කට නොමිලයේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් බැගින් ලබාදීම ද සිදු කරනවා.

මේ අතර රට තුළ උසස් තත්ත්වයේ බීජ වී සැකසීමේ නව තාක්ෂණික ක්‍රම හා ඒවාට අවශ්‍ය උපාංග ලබාදීම ද සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?