යුරෝපා සංගමයෙන් මිලියන 15,000ක යූරියා පොහොර නිල වශයෙන් භාරදීම හෙට

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට ලබා දෙන සහනාධාරයක් වශයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාරදීම හෙට (22) දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

එම යූරියා පොහොර හා කෘෂි උපකරණ කට්ටල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත නිල වශයෙන් භාරදීම හම්බන්තොට – බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දී සිදු සිදුකරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ යටතේ වී වගාවෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා හඳුන්වා දී ඇති පැරචුට් වී වගා ක්‍රමය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පැරචුට් තැටි, හා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට උසස් තත්ත්වයේ බීජ වී ගොවි ජනතාවට ලබාදීමට අවශ්‍ය සහයෝගය යුරෝපා සංගමය විසින් පළ කර තිබීම මෙන්ම එම උපකරණ ලබාදීම ඉතා වැදගත් කටයුත්තක් බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

මීට අමතරව පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 07ක හෙක්ටෙයාර් භාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000කට නොමිලයේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් බැගින් ලබාදීම ද සිදු කරනවා.

මේ අතර රට තුළ උසස් තත්ත්වයේ බීජ වී සැකසීමේ නව තාක්ෂණික ක්‍රම හා ඒවාට අවශ්‍ය උපාංග ලබාදීම ද සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34