යුරෝපා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් කථානායක හමුවෙයි

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා.

යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති හයිඩි හෝටලා (Heidi Hautala) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු කලාපයට අදාළ මෙම දූත පිරිසට පෝලන්තය, ෆින්ලන්තය, ජර්මනිය සහ ලිතුවේනියාව යන රටවලට අයත් සභිකයන් එක්ව සිටියා.

මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීම සදහා රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායකවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

එසේම දූෂණ විරෝධී පනත සම්මත කිරීම, මූල්‍ය පාලන කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදබවකින් ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීම ආදී සාධනීය පියවර රැසක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ බව කථානායකවරයා සඳහන් කළා.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම, සියලු ජාතින් අතර සංහිඳියාව පවත්වා ගැනීම ඇතුලු කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක ද නිරත වී තිබෙනවා. අනතුරුව ඔවුහු ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරයන් හමු වූ අතර කථානායකවරයා සමග පාර්ලිමේන්තුවේදී දිවා භෝජනයට ද එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27

?