Indian Premier League

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත පත්වෙයි

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා තේරී පත්ව තිබෙනවා.

ඊයේ ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ (UNESCO) මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දීයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස පත්වී ඇත්තේ.

ඔහුට ඡන්ද හිමි රටවල් 188න් 144ක (76%)ක ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති අතර ආසියානු ශාන්තිකර කලාපය නියෝජනය කරමින් මෙම පත් කිරීම සිදුව තිබෙනවා.

ඒ අනුව, 2024 සිට 2027 වසර දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර 2008 වර්ෂයේ දී ද මේ සඳහා ඉදිරිපත් වූ අතර, මෙවර දෙවැනි වතාවටත් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහු ඡන්දයෙන් තේරී පත් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?