යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ගම්පොළ දී සියදිවි නසාගෙන

යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොවුන් දෙදෙනාම පසුගිය පළමුවනදා මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 21 හැවිරිදි සහ 42 හැවිරිදි වියේ පසු වූ යුද හමුදා සෙබළුන් දෙදෙනෙක්.

යුද හමුදා ඉංජිනේරු බලකා පල්ලේකැලේ කඳවුරේ රාජකාරි කටයුතු කළ ගම්පොළ, උනම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයා ඔහු සමඟ සේවය කරන අනෙකුත් සාමාජිකයින්ගෙන් එල්ල වූ බලපෑම් දරාගත නොහැකිව නිවස තුළ දී මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

හමුදා කඳවුරේ ඇතැම් සෙබළුන් මොහුගෙන් නිරන්තරයෙන් මුදල් ඉල්ලා සිදුකරන බලපෑම් හේතුවෙන් එම මුදල් සොයාදීම සඳහා මවගේ රන් භාණ්ඩ පවා උකස් කර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මේ අතර ගම්පොළ, පල්ලේදෙල්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි වියේ පසු වූ යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වයෙක් ද පසුගිය පළමුවනදා සියදිවි නසාගෙන තිබෙනවා.

මෙම හමුදා සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දෙදරු පියෙකු වූ ඔහු බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් මත පළමුවනදා අලුයම් කාලයේ නිවෙස තුළ එල්ලී මියගොස් ඇති බවයි ගලහා පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
10
+1
2
+1
2
+1
53
+1
9
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22