යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ගම්පොළ දී සියදිවි නසාගෙන

යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොවුන් දෙදෙනාම පසුගිය පළමුවනදා මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 21 හැවිරිදි සහ 42 හැවිරිදි වියේ පසු වූ යුද හමුදා සෙබළුන් දෙදෙනෙක්.

යුද හමුදා ඉංජිනේරු බලකා පල්ලේකැලේ කඳවුරේ රාජකාරි කටයුතු කළ ගම්පොළ, උනම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයා ඔහු සමඟ සේවය කරන අනෙකුත් සාමාජිකයින්ගෙන් එල්ල වූ බලපෑම් දරාගත නොහැකිව නිවස තුළ දී මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

හමුදා කඳවුරේ ඇතැම් සෙබළුන් මොහුගෙන් නිරන්තරයෙන් මුදල් ඉල්ලා සිදුකරන බලපෑම් හේතුවෙන් එම මුදල් සොයාදීම සඳහා මවගේ රන් භාණ්ඩ පවා උකස් කර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මේ අතර ගම්පොළ, පල්ලේදෙල්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි වියේ පසු වූ යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වයෙක් ද පසුගිය පළමුවනදා සියදිවි නසාගෙන තිබෙනවා.

මෙම හමුදා සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දෙදරු පියෙකු වූ ඔහු බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් මත පළමුවනදා අලුයම් කාලයේ නිවෙස තුළ එල්ලී මියගොස් ඇති බවයි ගලහා පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00