යුද හමුදා මේජර්වරයෙකුට පහර දුන් හිටපු හමුදා සෙබළා පොලිසියෙන් මිදී පළා ගිහින්

යුද හමුදා මේජර්වරයෙකුට බිරිඳ සහ දරු දෙදෙනා ඉදිරියේ දී පහරදුන් යුද හමුදා විශේෂ බලකායෙන් පළා ආ සෙබළෙක් පොලිස් නිලධාරීන්ගෙන් මිදී ඊයේ (15) රාත්‍රියේ පළාගොස් ඇති බව හෝමාගම පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් සැකකරු පැමිණි යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ යුද හමුදා මේජර්වරයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

අදාළ මේජර්වරයා සිය පවුලේ සාමාජිකයින් සමඟ මතුගම ප්‍රදේශයට ගොස් යළි හෝමාගම ප්‍රදේශයට පැමිණෙමින් සිටිය දී හෝමාගම හයිලෙවල් මාර්ගයේ දී මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී රාජකාරි අවශ්‍යතාවයක් සඳහා ගොස් යළි පොලිසිය වෙත පැමිණෙමින් සිටි හෝමාගම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු සිද්ධිය දැක ඒ පිළිබඳව විමසා තිබෙනවා.

පසුව පහරදීම සිදුකළ සැකකාර හමුදා සෙබළා අල්ලාගෙන ඒ පිළිබඳව විමසීමේ දී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පළා ගිය සැකකාර හිටපු හමුදා සෙබළා හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03