අලව්ව – අඹේපුස්ස මාර්ගයේ වාරියගොඩ ප්‍රදේශයේ දී, ඊයේ (15) සවස් කාලයේ අඹේපුස්ස දෙස සිට අලව්ව දෙසට ධාවනය වූ යුද හමුදා කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් කැබ් රථයේ රියදුරු, යතුරුපැදිකරු සහ යතුරු පැදියේ පසුපස ගමන් ගත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුලත් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් රෝහල් ගත කිරීමෙන් පසු යතුරුපැදියේ පසුපස ගමන්ගත් වයස අවුරුදු 17 ක් වූ දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිතුඹුල්ල, නව තල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
වරකාපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
+1
6
+1
5
+1
1





