යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට

කැස්බෑව – හල්පිට ප්‍රදේශයේ දී තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.

යුද හමුදා කර්නල්වරයා ගමන් ගත් මෝටර් රථයෙහි පැති කණ්ණාඩියෙහි තරුණයා ගමන් ගත් යතුරුපැදිය ගැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් පදනම් කර ගනිමිනුයි මෙම පහරදීම සිදු ව ඇත්තේ.

ඊයේ හල්පිට ප්‍රදේශයේ දී සිද්ධියට අදාළ ව චෝදනා එල්ල වී ඇති යුද හමුදා කර්නල්වරයා තරුණයා ගමන් ගත් යතුරුපැදිය පසුපස ගොස් නවතා මහමඟ ඔහුට පහර දී ඇති බවටයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී යුද හමුදා කර්නල්වරයා විසින් තරුණයාට දැඩි ලෙස පහර දුන් බවට ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර තිබෙනවා.

පසු ව කැස්බෑව පොලීසිය විසින් අදාළ යුද හමුදා කර්නල්වරයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත්තේ තරුණයා සමග ඇති කර ගත් එකඟතාවක් හේතුවෙන්.

තරුණයාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට ද කටයුතු කරන බවට යුද හමුදා කර්නල්වරයා විසින් පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පසු ව සිදුකරන ලද පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ පහර කෑ යතුරුපැදිය පැද වූ තරුණයාට රියදුරු බලපත්‍රයක් ද නො මැති බවට යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59