යුද නැව්වල ඡායාරෑප ගත්තාට වසර 14 ක සිර දඩුවමක්

යුද නෞකාවල ඡායාරෑප ගෙන විදේශයකට අළෙවි කිරීමේ චෝදනාවක් මත චීනයේ ඡායාරෑප ශිල්පියෙකුට වසර 14 ක සිරදඩුවමක් නියම කර තිබේ.

මෙසේ සිරදඩුවම් නියම වී ඇත්තේ, හුවන්ග් නම් ඡායාරෑප ශිල්පියෙකුට වන අතර ඔහු විවිධ නාවික කදවුරැ ආශ්‍රිතව සැරිසරමින් මංගල ඡායාරෑප ආදිය ලබාගන්නා මුවාවෙන් යුධ යාත්‍රාවන්හි ඡායාරෑප ලබාගෙන ඇති බව පැවසේ.

වීචැට් සමාජ ජාලය හරහා සම්බන්ධ වූ විදේශිකයෙකුට රෙන්මෙන්බි 40,000 ක පමණ මුදලකට ඔහු විසින් මෙළෙස ලබා ගත් ඡායාරෑප 384 ක් පමණ අලෙවි කර ඇති බව ද හෙළිවී ඇත.

මේ පිළිබද කරන ලද විමර්ශනයකින් අනතුරැව මෙම ඡායාරෑප ශිල්පියාට රාජ්‍ය රහස් විදේශ වෙත හෙළි කිරීමේ වරදට චෝදනා නගා තිබේ.

එහිදී චීන අධිකරණයක් මගින් ඔහුට වසර 14 ක සිර දඩුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?