AFC Banner
Empty Ad
Empty Ad

යුද ගැටුම් මධ්‍යයේත් ලෙබනනයේ කොළරාව පැතිරීම වැළැක්වීමට කටයුතු කරයි

ගාසා තීරයේ යුද ගැටුම් මධ්‍යයේ වුව ද ලෙබනනයේ කොලරාව රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් එය වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.

WHO විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ; පෙරේදා (16) දිනයේ දී ලෙබනන් මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිය රට තුළ කොලරා තත්ත්වයක් හිස එසවීමට පටන් ගෙන ඇති බවට දැනුම්දී ඇති බවයි.

2022 ඔක්තෝබර් සිට 2023 ජූනි දක්වා කොලරා රෝගීන් ලෙබනනයෙන් වාර්තා වුව ද, මේ වනවිට ඇති ව තිබෙන යුද ගැටුම් තීව්‍ර වීම හේතුවෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි ලෙබනනය දැනුම්දී ඇත්තේ.

යුද ගැටුම් හේතුවෙන් ලෙබනන් ප්‍රාන්තවල ජල දූෂණයක් ඇති වී තිබෙන බවත් එබැවින් මෙලෙස කොලරාව රෝගය පැතිර යාම වේගවත් වී ඇති බව ද වාර්තා වනවා.

“අපිරිසිදු ජලය සහ සනීපාරක්ෂක තත්ත්වයන් සහ වත්මන් යුද ගැටුමේ බලපෑම හේතුවෙන් ලෙබනනයේ කොලරාව වැනි බෝවන රෝග නැවත මතුවීමේ අවදානම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කරමින් සිටී..” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත ආචාර්ය අබ්දිනාසීර් අබුබකර් ප්‍රකාශ කර තිබෙනවා.

ලෙබනනයේ ගෙවුණු වසර දෙක තුළ කොලරාව හේතුවෙන් මරණ 23ක් සිදු ව ඇති අතර සැක සහිත රෝගීන් 8,007 ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40

?