මෝදි රුසියාවේ සංචාරයක – ලාභදායී බලශක්ති සැපයුම්කරණය ගැනත් සාකච්ඡා”

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුව, රුසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

එහිදී, ඉන්දීය අග්‍රාමත්‍යවරයා 22 වන ඉන්දීය – රුසියා වාර්ෂික සමුළුවට සහභාගී වීමට නියමිත බව, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

මෙම රාජ්‍ය සංචාරය ඉන්දීයාවට විශේෂ වන්නේ, ඒ තුලින් දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගත හැකි නිසාවෙන් බවයි, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පැවසුවේ.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, මෝදි එරට තුළ සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද මෙයයි.

රුසියානු සංචාරයෙන් පසුව ඉන්දීය අගමැතිවරයා ඔස්ට්‍රියාවට පැමිණීමට නියමිතයි.

ඉන්දීය අගමැතිවරයෙක් මෙලෙස ඔස්ට්‍රියාවට නිල සංචාරයක් සිදු කරන්නේ වසර 41කට පසුවයි.

රුසියාව සමග ඉන්දියාවේ සබඳතාව පදනම් වී ඇත්තේ “අන්‍යෝන්‍ය විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය” මත බව අගමැති නරේන්ද්‍ර මෝදි අද මොස්කව්හි දී ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි; මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් රුසියානු ජනාධිපතිවරයාගේ නායකත්වය ද මෙහිදී අගය කරනු ලැබූ බවයි දැක්වෙන්නේ.

වසර පහකට පසු සිය පළමු රුසියානු සංචාරයේ දී ඉන්දීය ඩයස්පෝරාව අමතමින් මෝදි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සංචාරයේ දී මෝදිගේ ප්‍රධාන මාතෘකාව ‘ යුක්‍රේන යුද්ධය’ වනු ඇති බවයි වාර්තා වන්නේ.

“උදාවන හොඳ සහ නරක කාලවල දී සෑම ඉන්දියානුවෙක් ම රුසියාව තම රටේ මිතුරෙකු ලෙස සලකයි” යනුවෙන් මෝදි පැවසූ බව ද සඳහන්.

“අපගේ සම්බන්ධතාවයේ කැපවීම කිහිප වතාවක්ම පරීක්ෂාවට ලක් කර ඇති අතර, එය සෑම අවස්ථාවක දී ම ඉතා ශක්තිමත් ව ඉස්මතු වී තිබේ..” යනුවෙන් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඩයස්පෝරාව අමතමින් පැවසුවා.

රුසියාව දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ විශාලතම ආයුධ සැපයුම්කරු වන අතර ඉන්දියාව සමගින් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පවතින යුගයේ පටන් සමීප මිත්‍රත්වයක් පවත්වන බව ද; එය අදත් එලෙසම පවතින බව ද මෝදි සිය දේශනයේ දී කියා සිටියා.

යුක්‍රේන – රුසියා යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියාව හා බටහිර ඇතැම් රටවල් එකිනෙකට වෙනස් මතවාදී ස්ථාවරත්වයක සිටිය ද; අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රුසියාව සමග ඉන්දීය රජයේ ඇති හිතවත්කම පිළිබඳ ව නොසතුට පළ කර ඇති බවත් වාර්තා වනවා.

මෝදි සිය දේශනයේ දී රුසියානු රජය විවේචනය සිදු නොකරමින් ඉල්ලා ඇත්තේ යුක්‍රේනය සමග ඇති මත ගැටුම සංවාදයකින් සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවකින් විසඳා ගැනීමට උත්සාහ ගන්නා ලෙසයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීමෙන් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් මහත් සතුට පත් වූ බවත්; ඔවුන් එකිනෙකා උණුසුම් අයුරින් වැළඳගනිමින් පිළිගැනුණු බවත්; රුසියාවේ TASS රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරයේ දී ඉන්දියාව සහ රුසියාව අතර බලශක්ති ව්‍යාපෘතිය ලාභදායී අයුරින් සැපයුම්කරණයට නතු කිරීම සහ සංකීර්ණ මෙන් ම සාර්ථක ආර්ථික ස්ථායිකරණයක් එතුළින් දෙරට අතර නිර්මාණය කරගැනීම සම්බන්ධයෙන් ද ක්‍රෙම්ලිනයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?