මෝදි රුසියාවේ සංචාරයක – ලාභදායී බලශක්ති සැපයුම්කරණය ගැනත් සාකච්ඡා”

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුව, රුසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

එහිදී, ඉන්දීය අග්‍රාමත්‍යවරයා 22 වන ඉන්දීය – රුසියා වාර්ෂික සමුළුවට සහභාගී වීමට නියමිත බව, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

මෙම රාජ්‍ය සංචාරය ඉන්දීයාවට විශේෂ වන්නේ, ඒ තුලින් දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගත හැකි නිසාවෙන් බවයි, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පැවසුවේ.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, මෝදි එරට තුළ සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද මෙයයි.

රුසියානු සංචාරයෙන් පසුව ඉන්දීය අගමැතිවරයා ඔස්ට්‍රියාවට පැමිණීමට නියමිතයි.

ඉන්දීය අගමැතිවරයෙක් මෙලෙස ඔස්ට්‍රියාවට නිල සංචාරයක් සිදු කරන්නේ වසර 41කට පසුවයි.

රුසියාව සමග ඉන්දියාවේ සබඳතාව පදනම් වී ඇත්තේ “අන්‍යෝන්‍ය විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය” මත බව අගමැති නරේන්ද්‍ර මෝදි අද මොස්කව්හි දී ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි; මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් රුසියානු ජනාධිපතිවරයාගේ නායකත්වය ද මෙහිදී අගය කරනු ලැබූ බවයි දැක්වෙන්නේ.

වසර පහකට පසු සිය පළමු රුසියානු සංචාරයේ දී ඉන්දීය ඩයස්පෝරාව අමතමින් මෝදි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සංචාරයේ දී මෝදිගේ ප්‍රධාන මාතෘකාව ‘ යුක්‍රේන යුද්ධය’ වනු ඇති බවයි වාර්තා වන්නේ.

“උදාවන හොඳ සහ නරක කාලවල දී සෑම ඉන්දියානුවෙක් ම රුසියාව තම රටේ මිතුරෙකු ලෙස සලකයි” යනුවෙන් මෝදි පැවසූ බව ද සඳහන්.

“අපගේ සම්බන්ධතාවයේ කැපවීම කිහිප වතාවක්ම පරීක්ෂාවට ලක් කර ඇති අතර, එය සෑම අවස්ථාවක දී ම ඉතා ශක්තිමත් ව ඉස්මතු වී තිබේ..” යනුවෙන් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඩයස්පෝරාව අමතමින් පැවසුවා.

රුසියාව දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ විශාලතම ආයුධ සැපයුම්කරු වන අතර ඉන්දියාව සමගින් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පවතින යුගයේ පටන් සමීප මිත්‍රත්වයක් පවත්වන බව ද; එය අදත් එලෙසම පවතින බව ද මෝදි සිය දේශනයේ දී කියා සිටියා.

යුක්‍රේන – රුසියා යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියාව හා බටහිර ඇතැම් රටවල් එකිනෙකට වෙනස් මතවාදී ස්ථාවරත්වයක සිටිය ද; අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රුසියාව සමග ඉන්දීය රජයේ ඇති හිතවත්කම පිළිබඳ ව නොසතුට පළ කර ඇති බවත් වාර්තා වනවා.

මෝදි සිය දේශනයේ දී රුසියානු රජය විවේචනය සිදු නොකරමින් ඉල්ලා ඇත්තේ යුක්‍රේනය සමග ඇති මත ගැටුම සංවාදයකින් සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවකින් විසඳා ගැනීමට උත්සාහ ගන්නා ලෙසයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීමෙන් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් මහත් සතුට පත් වූ බවත්; ඔවුන් එකිනෙකා උණුසුම් අයුරින් වැළඳගනිමින් පිළිගැනුණු බවත්; රුසියාවේ TASS රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරයේ දී ඉන්දියාව සහ රුසියාව අතර බලශක්ති ව්‍යාපෘතිය ලාභදායී අයුරින් සැපයුම්කරණයට නතු කිරීම සහ සංකීර්ණ මෙන් ම සාර්ථක ආර්ථික ස්ථායිකරණයක් එතුළින් දෙරට අතර නිර්මාණය කරගැනීම සම්බන්ධයෙන් ද ක්‍රෙම්ලිනයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56