AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේන රුසියා යුද්ධයෙන් ලංකාවේ ගොවීන්ට බඩේපාර

රට තුළ පවතින ඩොලර් හිඟයට අමතරව රුසියානු – යුක්‍රේන අර්බුදය හේතුවෙන් මෙරටට පොහොර ආනයනය කිරීමට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

මෙරට තුළ භාවිත කරන පොහොර වර්ග රැසක් බෙලරූස් රාජ්‍යයෙන් ආනයනය කරනු ලබන අතර පවතින යුදමය වාතාවරණය හමුවේ එම පොහොර නැව්ගත කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

තත්වය කෙසේ වුවත් ගොවින් සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව දේශීයව නිපදවනු ලබන කාබනික පොහොර, දියර පොහොර සහ ක්ෂුද්‍රජීවීන් යොදාගනිමින් සකස් කරගත් පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා දිවයින පුරා බෙදාහැරීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා සහනාධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?