යුක්රේන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවකට බරපතල හානියි

සිය යුද නෞකාවකට ප්‍රහාරයක් එල්ල වූ බව රුසියාව අද ප්‍රකාශ කළා. එලෙස ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ කළු මුහුදේ යාත්‍රා කරමින් තිබූ රුසියාවට අයත් යුද නෞකාවකටයි. ප්‍රහාරයෙන් නෞකාවට දැඩි හානි සිදුව ඇති බවයි රුසියාව පැවසුවේ.

ප්‍රහාරයෙන් නෞකාව තුළ ගින්නක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් නෞකාව තුළ සිටි නාවිකයින් ආරක්ෂිතව ඉවත් කර ගත් බව රුසියාව පවසා තිබෙනවා. කෙසේවෙතත් ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න රුසියාව පවසා නොමැති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නෞකාව තුළ ගින්නක් හටගැනීම සම්බන්ධයෙන් ද රුසියාව කරුණු දක්වා නොමැති බව ද එම විදෙස් මාධ්‍යවල සඳහන්.

මේ අතර රුසියානු නෞකාවේ ගින්න හටගත්තේ සිය හමුදාවන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බවයි යුක්රේනය ප්‍රකාශ කර ඇත්තේ. ජාත්‍යන්තර විචාරකයින්ට අනුව විදෙස් රටවලින් ලැබුණු යුදමය ආධාර හේතුවෙන් යුක්රේනය මේවනවිට රුසියාව වෙත දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. කෙසේවෙතත් අමෙරිකාව පවසන්නේ රුසියාවට එරෙහිව ප්‍රහාර දියත් කිරිම සඳහා යුක්රේනය ආයුධ සන්නද්ධ කිරීමට තවදුරටත් සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?