යුක්රේන ජනපති අද ඇමරිකාවට

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට වොෂින්ටනයට පැමිණෙන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා.

පෙබරවාරි මාසයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය ආරම්භයෙන් පසුව සිදුවන ඔහුගේ පළමු විදේශ සංචාරය මෙය ලෙසටයි සැලකෙන්නේ.

මෙම සංචාරයේදී ඇමරිකානු කොංග්‍රසය ඇමතීමට සෙලෙන්ස්කි මහතාට ද අවස්ථාව හිමිවනු ඇති.

යුක්රේන ජනාධිපතිවරයා දිනපතා කියෙව් අගනුවරදී විදේශීය නායකයින් හමුවන අතර යුක්රේනය වටා මෙහෙයුම්වල නිරත හමුදා නිරික්ෂණයට ද එක්වනවා.

ඔහු අඟහරුවාදා බක්මුට් වෙත විශේෂ සංචාරයක ද නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේන ජනාධිපතිවරයා ලෝක නායකයන් සමඟ දුරකථනයෙන් සහ වීඩියෝ ඇමතුම් මගින් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වනවා.

එය බොහෝ දුරට සිදුවන්නේ කියෙව්හි පිහිටි ඔහුගේ ඔහුගේ කාර්යාලයේ සිටයි.

යුක්රේන ජනාධිපතිවරයාගේ මෙම හදිසි සංචාරය, යුක්රේනයට සහාය සැපයීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති එක්සත් ජනපදය සමඟ ඇති සබඳතාවේ වැදගත්කම ද පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22