spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේන ජනපති අද ඇමරිකාවට

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට වොෂින්ටනයට පැමිණෙන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා.

පෙබරවාරි මාසයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය ආරම්භයෙන් පසුව සිදුවන ඔහුගේ පළමු විදේශ සංචාරය මෙය ලෙසටයි සැලකෙන්නේ.

මෙම සංචාරයේදී ඇමරිකානු කොංග්‍රසය ඇමතීමට සෙලෙන්ස්කි මහතාට ද අවස්ථාව හිමිවනු ඇති.

යුක්රේන ජනාධිපතිවරයා දිනපතා කියෙව් අගනුවරදී විදේශීය නායකයින් හමුවන අතර යුක්රේනය වටා මෙහෙයුම්වල නිරත හමුදා නිරික්ෂණයට ද එක්වනවා.

ඔහු අඟහරුවාදා බක්මුට් වෙත විශේෂ සංචාරයක ද නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේන ජනාධිපතිවරයා ලෝක නායකයන් සමඟ දුරකථනයෙන් සහ වීඩියෝ ඇමතුම් මගින් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වනවා.

එය බොහෝ දුරට සිදුවන්නේ කියෙව්හි පිහිටි ඔහුගේ ඔහුගේ කාර්යාලයේ සිටයි.

යුක්රේන ජනාධිපතිවරයාගේ මෙම හදිසි සංචාරය, යුක්රේනයට සහාය සැපයීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති එක්සත් ජනපදය සමඟ ඇති සබඳතාවේ වැදගත්කම ද පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?