යුක්‍රේනයේ නගර කිහිපයකටම ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම්

කියෙව් අගනුවර ඇතුළු යුක්‍රේන නගර කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල විය හැකි බවට සයිරන් නාද කරමින් ජනතාවට අනතුරු අඟවා ඉන් ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කියෙව්, චර්නිහිව්, ලුබ්නි, පොල්ටාවා සහ වසිල්කිව් යන ප්‍රදේශවල ගුවන් ප්‍රහාර සයිරන් නාද වී ඇති බවයි පැවසෙන්නේ

ගුවන් ප්‍රහාර විය හැකි බවට සයිරන් නාද කිරීම්වලින් සංඥා කරන අතර ජනතාවට බංකරවල නවාතැන් ගන්නා ලෙසද දැනුම් දෙනවා

දින ගණනාවක් දරුණු රුසියානු ෂෙල් ප්‍රහාරවලට ලක්ව ඇති ඊසානදිග සුමි නගරයෙන් ජනතාව ඉවත් කිරීමේ අදියර දෙකම සාර්ථකව නිම කළ බව යුක්‍රේනය පවසනවා.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියානු තෙල්, ගෑස් සහ ගල් අඟුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරන බව නිවේදනය කර තිබෙනවා

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ 14 වන දිනය අදයි 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?