ට්‍රම්ප්ගේ ඉල්ලීමෙන් පසු ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේ වීසා

ඉරාන පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින්ට ඕස්ට්‍රේලියාවේ මානුෂීය වීසා ලබා දී ඇත

ආසියානු කුසලානයෙන් ඉවත් වීමෙන් පසු ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් පස්දෙනෙකුට ඕස්ට්‍රේලියාවේ මානුෂීය වීසා ලබා දී ඇති බව වාර්තා වනවා.

මෙම කණ්ඩායම මව්බිම බලා යාමට නියමිතව තිබුණද, පසුගිය සතියේ දකුණු කොරියාවට එරෙහි තරඟයට පෙර කණ්ඩායම ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ බියක් මතු කර තිබුණා.

මෙය ඉරානයේ විවේචනයට තුඩු දුන් අතර, එක් කොන්සර්වේටිව් විචාරකයෙකු කණ්ඩායම “යුද කාලීන ද්‍රෝහීන්” බවට චෝදනා කරමින් දැඩි දඬුවම් ලබාදිය යුතු බවයි පැවසුවේ.

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පැවසුවේ ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් ඇති බවයි.

මේ අතර මෙම සංචිතයේ අනෙකුත් සාමාජිකාවන්ට ද තම රට තුළ රැඳී සිටීමට ඔවුන්ට සාදරයෙන් දැනුම් දී ඇති බවයි
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ.

“ඔවුන් දේශපාලන ක්‍රියාකාරීන් නොවන බව ඔවුන්ට පැහැදිලි කිරීමට අවශ්‍යයි. ඔවුන් ආරක්ෂිතව සිටීමට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන්” යැයි ඔහු පැවසුවා.

මේ අතර ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම යළිත් ඔවුන්ගේ මව්බිම වෙත පිටුවහල් නොකරන ලෙසට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම ක්‍රීඩිකාවන් නැවත ඉරානයට බලහත්කාරයෙන් පිටුවහල් කිරීම ඕස්ට්‍රේලියාව සිදුකරන බරපතළ “මානුෂීය වරදක්” වනු ඇති බවයි.

මෙම ක්‍රීඩිකාවන් නැවත ඉරානයට ගියහොත් බොහෝ විට ඔවුන්ව ඝාතනය කිරීමට ඉඩ ඇති බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ.

ඕස්ට්‍රේලියාව ඔවුන්ට රැකවරණය ලබාදීමට අපොහොසත් වන්නේ නම්, ඇමරිකාව එම ක්‍රීඩිකාවන්ට දේශපාලන රැකවරණය ලබාදීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ.

  1. ට්‍රම්ප් විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි.. අද එකක් කියනවා.. හෙට එකක් කියනවා.. මිනිහගෙ මොලේ අමාරුවක් තියෙනවා වගෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02