යුක්තිය මෙහෙයුම ගැන වැඩ බලන පොලිස්පතිගෙන් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක්

අද (14) සිට යුක්තිය මෙහෙයුමට සක්‍රීයව සහභාගී වන ලෙසට සියලුම පොලිස් ස්ථානවල කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පරීක්ෂකවරුන් (HQIs) සහ අපරාධ අංශ භාර ස්ථානාධිපතිවරුන්ට වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙනවා.

ඊට අමතරව අවශ්‍ය සැකකරුවන් ඉදිරි මාසය තුළ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පැය 24 පුරාම පොලිස් නිලධාරීන් යොදවන ලෙසටයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලුම අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට නියෝග නිකුත් කර ඇත්තේ.

අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 42,248කගේ ලැයිස්තුවක් ද දිවයින පුරා පිහිටි සියලු පොලිස් ස්ථානවල අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත ලබාදී තිබෙනවා.

යුක්තිය මෙහෙයුම සිදු කෙරෙන අතරවාරයේදී ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසටයි එමගින් දැනුම්දී ඇත්තේ.

විවෘත වරෙන්තු සහිත පුද්ගලයන් 35,505ක්, ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් අවශ්‍ය සැකකරුවන් 4,258ක් සහ පසුගිය වසර දෙක තුළ රට තුළ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයන් 2,485ක් මෙම ලැයිස්තුවට ඇතුළත්.

මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට අමතරව දිවයින පුරා අපරාධ ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් යොදන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?