යුක්තිය මෙහෙයුම ගැන වැඩ බලන පොලිස්පතිගෙන් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක්

අද (14) සිට යුක්තිය මෙහෙයුමට සක්‍රීයව සහභාගී වන ලෙසට සියලුම පොලිස් ස්ථානවල කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පරීක්ෂකවරුන් (HQIs) සහ අපරාධ අංශ භාර ස්ථානාධිපතිවරුන්ට වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙනවා.

ඊට අමතරව අවශ්‍ය සැකකරුවන් ඉදිරි මාසය තුළ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පැය 24 පුරාම පොලිස් නිලධාරීන් යොදවන ලෙසටයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලුම අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට නියෝග නිකුත් කර ඇත්තේ.

අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 42,248කගේ ලැයිස්තුවක් ද දිවයින පුරා පිහිටි සියලු පොලිස් ස්ථානවල අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත ලබාදී තිබෙනවා.

යුක්තිය මෙහෙයුම සිදු කෙරෙන අතරවාරයේදී ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසටයි එමගින් දැනුම්දී ඇත්තේ.

විවෘත වරෙන්තු සහිත පුද්ගලයන් 35,505ක්, ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් අවශ්‍ය සැකකරුවන් 4,258ක් සහ පසුගිය වසර දෙක තුළ රට තුළ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයන් 2,485ක් මෙම ලැයිස්තුවට ඇතුළත්.

මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට අමතරව දිවයින පුරා අපරාධ ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් යොදන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03