යුක්තියේ දැලට තවත් 863ක් කොටු – මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකුත් පොලිස් භාරයේ

පෙරේදා (11) අලුයම 12.30 සිට අද (12) අලුයම 12.30 දක්වා කාලය තුළ පොලිසිය විසින් ක්‍රියාත්මක යුක්තිය විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 24ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි පුද්ගලයින් 19 දෙනෙක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු දමෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 303යි මිලිග්‍රෑම් 384ක්, අයිස් ග්‍රෑම් 141යි මිලිග්‍රෑම් 750ක්, ගංජා කිලෝ 10යි ග්‍රෑම් 565ක්, මාවා ග්‍රෑම් 542ක්, ගංජා පැල 66,0573ක් ඇතුළු තවත් විවිධ වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට ද මෙහිදී හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?