යුක්තියේ දැලට තවත් 863ක් කොටු – මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකුත් පොලිස් භාරයේ

පෙරේදා (11) අලුයම 12.30 සිට අද (12) අලුයම 12.30 දක්වා කාලය තුළ පොලිසිය විසින් ක්‍රියාත්මක යුක්තිය විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 24ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි පුද්ගලයින් 19 දෙනෙක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු දමෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 303යි මිලිග්‍රෑම් 384ක්, අයිස් ග්‍රෑම් 141යි මිලිග්‍රෑම් 750ක්, ගංජා කිලෝ 10යි ග්‍රෑම් 565ක්, මාවා ග්‍රෑම් 542ක්, ගංජා පැල 66,0573ක් ඇතුළු තවත් විවිධ වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට ද මෙහිදී හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25