යාල කැලේ වාහන සෙල්ලම් දැමූ 9 දෙනෙකුට ඇප

යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වනසතුන්ට හා සංවේදී පරිසර පද්ධතියට හානි වන අයුරින් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 9 දෙනා ශරීර ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මෙලෙස ඔවුන් මුදාහැර තිබේ.

යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු සංවේදී පරිසර පද්ධතියට හානි වන අයුරින් ධාවනය කළ ජීප් රථ 7 ක්ද සමඟින් ඊට සම්බන්ධ පුද්ගලයින් 9 දෙනෙකු අද පෙරවරුවේ යාල වනජීවී කාර්යාලයට භාරවීමෙන් අනතුරුව තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා.

පුද්ගලයින් 80 දෙනෙකු සමඟ මෝටර් රථ 35 කින් ඉකුත් 20 වැනිදා යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී පරිසර පද්ධතියට හානි වන අයුරින් හැසිරී තිබුණා.

ඩිෆෙන්ඩර් රථ සහ කැබ් රථ ඇතුළු වාහන 35 ක් යාල වනෝද්‍යානයට ඇතුළු වී එහි වෙසෙන වන සතුන්ට සහ සංවේදී පරිසර පද්ධතියට හානි වන අයුරින් ශබ්ද නගමින් ධාවනයේ යෙදවීම පිළිබඳව පරිසර හිතකාමීන් ඇතුළු පරිසරයට සංවේදී ජනතාවගේ දැඩි විවේචනයට බදුන් වුණා.

පසුගිය 20 වැනිදා මෙම පිරිස වනෝද්‍යානය තුළට ඇතුළු වී තිබුණේ වනජීවී කාර්යාලයේ මඟ පෙන්වීමේ නිලධාරීන් හත් දෙනෙකුද සමඟයි.

ඔවුනගේද සහය ඇතිව එම පිරිස එදින යාල වනෝද්‍යානය තුළ පවතින ස්වභාවික පරිසර පද්ධතිය පිළිබඳව අංශු මාත්‍රයකද හැගීමකින් තොරව මෙලෙස හැසිරුණා.

මේ සිදුවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් මහින්ද අමරවීර අමාත්‍යවරයා වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට දැනුම්දී තිබුණේ මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

ඒ අතර විමර්ශන ඇරැඹුණු පසු බිමක යාලට ඇතුළු වූ පුද්ගලයින් සමඟ සම්බන්ධ වූ සංචාරක මඟ පෙන්වන්නන් සහ නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට පියවර ගැනුණා.

නැවත මෙවැනි ක්‍රියාකාරකම්වලට අදාළ පිරිස් සම්බන්ධ විය හැකි බැවින් ඔවුන් වෙත වසර 3 ක කාලයක් වනෝද්‍යානවලට ඇතුළු වීමට නොහැකි වන සේ අසාදු ලේඛන ගත කිරීමටද පියවර ගනු ලැබූ බව වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළා.මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සිද්ධියට සම්බන්ධයෙන් ආරක්‍ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබූ දර්ශන පරීක්‍ෂා කිරීමෙන් පසු වාහන අංක සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා විමර්ශනයක් කරන ලෙසත් තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා විසින් වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව යාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සහ වාහන හඳුනාගෙන එම පිරිසට එරෙහිව නඩු පැවරීමට යාල ජාතික වනෝද්‍යානය නිලධාරීන් කටයුතු කරන පසු බිමක සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 9 දෙනෙකු වාහන 7 ක්ද සමඟින් යාල ජාතික වනෝද්‍යානයට භාර වූ බව යාල ජාතික වනෝද්‍යානය භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කළා. එම පිරිස සහ වාහන අද පෙරවරුවේ තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

මේ අතර අදාළ සිදුවීමට සම්බන්ධ සියලු පුද්ගලයින් හට තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන හැටියට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව අද පැවති කැබිනට් තීරණ ගැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශකෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46