Indian Premier League

යාලේ සරුවට වැඩුණු ගංජා

යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරක් මත කාවන්තිස්සපුර විශේෂ කාර්‍යය බලකායේ නිලධාරින් සිදු කළ වැටලීමක දී නීතිවිරෝධීව ගංජා වගා කළ පුද්ගලයින් තිදෙනකු බලපත්‍ර රහිත ගිනි අවියක් සහ ඊට යොදන පතොරම් 10ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (21) පස්වරුවේ සිදු කර ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයේ ගෝනගංආර ප්‍රදේශයේ දියි.

සැකකාර පුද්ගලයා එම වනෝද්‍යානයේ ස්ථාන තුනක අක්කර තුනකට ආසන්න ප්‍රදේශ කොටසක මෙම ගංජා පැළ වගාව සිදුකරගෙන ගොස් තිබෙනවා.

එහි වටලන අවස්ථාවේ දී සරුවට වැඩුණු ගංජ පැළ 190,000කට ආසන්න ප්‍රමාණයක් තිබුණු බවයි වාර්තා වන්නේ.

ගංජා වගාව ගිනි තබා විනාශ කර ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරුවන් 27,30 හා 36 යන වයස්වල පසුවන්නන්.

ඉදිරි නීතිමය කටයුතු ගෝනගංආර පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?