යාල් නිලා සුඛෝපබෝගී සංචාරක දුම්රිය ගමන් අරඹයි

නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලා රාත්‍රී සීඝ්‍රගාමී සුඛෝපබෝගී සංචාරක දුම්රිය ගමන් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (04) එම දුම්රිය කන්කසන්තුරේ දක්වා ධාවනය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී නිල වශයෙන් ආරම්භ කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

දෙස් විදෙස් සංචාරකයින් ඇතුලු මගීන් රැසක් මෙම ආරම්භක දුම්රිය ගමන සඳහා එක්ව සිටියා.

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව දුම්රිය ගමනා ගමනය වෙනුවෙන් විවෘත කිරීමත් සමඟ පසුගියදා අමාත්‍යවරයා ඇතුලු නිලධාරීන් නිරීක්ෂණ ධාවනයකට ද එක් වූ අතර ඊයේ සාමාන්‍ය පරිදි මගී ජනතාව වෙනුවෙන් යාල් නිලා දුම්රිය ගමන් ආරම්භ කිරීම සිදු වුණා.

ඒ අනුව කොළඹ කොටුවෙන් රාත්‍රී 10ට ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 05.52ට කන්කසන්තුරේ වෙත ළඟා වීමට නියමිතයි.

එමෙන්ම රාත්‍රී 09.30ට කන්කසන්තුරේ සිට පිටත් වන දුම්රිය ගල්කිස්සට ළඟා වන්නේ පෙරවරු 05.36ටයි.

නවීන, අති සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත යාල් නිලා දුම්රියට වායු සමීකරණය කරන ලද ප්‍රථම සහ දෙවන පන්තියේ මැදිරි, සනීපාරක්ෂක පහසුකම්, භෝජනාගාර ඇතුලු පහසුකම් ද ඇතුලත්.

ඉදිරියේදී පැවැත්වෙන නල්ලූර් කෝවිල් මංගල්‍යය ඇතුලු හින්දු ආගමික ස්ථාන වන්දනා කිරීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් ඇතුලු සංචාරකයින් අතර මෙම දුම්රිය බොහෝ සෙයින් ජනප්‍රිය වනු ඇති බවටයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන විශ්වාසය පළ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?