යාල් නිලා සුඛෝපබෝගී සංචාරක දුම්රිය ගමන් අරඹයි

නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලා රාත්‍රී සීඝ්‍රගාමී සුඛෝපබෝගී සංචාරක දුම්රිය ගමන් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (04) එම දුම්රිය කන්කසන්තුරේ දක්වා ධාවනය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී නිල වශයෙන් ආරම්භ කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

දෙස් විදෙස් සංචාරකයින් ඇතුලු මගීන් රැසක් මෙම ආරම්භක දුම්රිය ගමන සඳහා එක්ව සිටියා.

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව දුම්රිය ගමනා ගමනය වෙනුවෙන් විවෘත කිරීමත් සමඟ පසුගියදා අමාත්‍යවරයා ඇතුලු නිලධාරීන් නිරීක්ෂණ ධාවනයකට ද එක් වූ අතර ඊයේ සාමාන්‍ය පරිදි මගී ජනතාව වෙනුවෙන් යාල් නිලා දුම්රිය ගමන් ආරම්භ කිරීම සිදු වුණා.

ඒ අනුව කොළඹ කොටුවෙන් රාත්‍රී 10ට ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 05.52ට කන්කසන්තුරේ වෙත ළඟා වීමට නියමිතයි.

එමෙන්ම රාත්‍රී 09.30ට කන්කසන්තුරේ සිට පිටත් වන දුම්රිය ගල්කිස්සට ළඟා වන්නේ පෙරවරු 05.36ටයි.

නවීන, අති සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත යාල් නිලා දුම්රියට වායු සමීකරණය කරන ලද ප්‍රථම සහ දෙවන පන්තියේ මැදිරි, සනීපාරක්ෂක පහසුකම්, භෝජනාගාර ඇතුලු පහසුකම් ද ඇතුලත්.

ඉදිරියේදී පැවැත්වෙන නල්ලූර් කෝවිල් මංගල්‍යය ඇතුලු හින්දු ආගමික ස්ථාන වන්දනා කිරීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් ඇතුලු සංචාරකයින් අතර මෙම දුම්රිය බොහෝ සෙයින් ජනප්‍රිය වනු ඇති බවටයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන විශ්වාසය පළ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48