යාපනේදී හමුදා වාහනයකට ගල් ප්‍රහාරයක්

යාපනය නගරයේ ධාවනය වෙමින් තිබූ නාවික හමුදා කැබ් රථයකට ඊයේ (14) සවස එල්ල වූ ගල් ප්‍රහාරයක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

යාපනය නගරයේ තැපල් කාර්යාලය ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී නාවික හමුදා කැබ් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී එකවරම සැඟව සිටි අයෙකු විසින් ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති බවට වාර්ථා වෙයි.

අදාල ගල් ප්‍රහාරයෙන් නාවික නිලධාරීන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතරම කැබ් රථයේ ඉදිරිපස් වීදුරුවට පමණක් හානි සිදුව ඇති බවටද අනාවරනය වෙයි.

අදාල ගල් ප්‍රහාරය එල්ල කර අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා ඇත්දැයි යන්න සොයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් අරඹා ඇති බවට යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?