AFC Banner
AFC Banner
Empty Ad

යාපනය සිට කොළඹ ආ රාත්‍රී තැපැල් දුම්රියට ගල් ප්‍රහාරයක් (ඡායාරූප)

යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට ඊයේ (30) රාත්‍රියේ කිසියම් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබෙනවා.

යාපනය – කොණ්ඩාවිල් ප්‍රදේශයේ දී දුම්රියට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

ගල් ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව එහි සිටි මගීන් විසින් දුම්රිය පරීක්ෂකවරුන්ට දැනුම්දීමෙන් පසු දුම්රිය නවතා පරීක්ෂා කරන අවස්ථාවේ දී ප්‍රහාරය එල්ල කළ පිරිස පලාගොස් තිබුණා.

ගල් ප්‍රහාරයෙන් දුම්රියේ වීදුරුවකට හානි සිදුව ඇති අතර, මගීන්ට හානියක් සිදුව නැහැ.

දුම්රියට මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සොයා යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?