යාපනය – නුවර මාර්ගය ගමනාගමනට විවෘත වෙයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැවති ජල ගැලීම් නිසා දින කිහිපයක් ගමනාගමන කටයුතු අඩාලව පැවති යාපනය – නුවර A-09 මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

උතුරු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ද ආරම්භකර ඇති බවයි.

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුව ද උතුරු පළාතේ ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමන කටයුතුවලට තවමත් බාධා එල්ල වී ඇති බවයි දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල ගැලීම් හේතුවෙන් පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චි, පුලියන්පොක්කනෙයි ප්‍රදේශයෙන් පාලමක් කැඩීයාමෙන් එහි ගමනා ගමනයට බාධා එල්ල වී පවතිනවා.

මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගයේ ද මුලතිව්, නයාරු ප්‍රධාන පාලම ජල ගැලීම්වලට හසුව කැඩීයාම හේතුවෙන් අදාළ මාර්ගයේ ද ගමනගමන කටයුතු සඳහා බාධා එල්ල වී පවතින බවයි වාර්තා වන්නේ.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ මන්නාරම සිට යාපනය දක්වා දිවෙන මාර්ගයේ ද ස්ථාන කිහිපයකින් මාර්ගයේ ගමනාගමන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?