යාපනය – නුවර මාර්ගය ගමනාගමනට විවෘත වෙයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැවති ජල ගැලීම් නිසා දින කිහිපයක් ගමනාගමන කටයුතු අඩාලව පැවති යාපනය – නුවර A-09 මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

උතුරු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ද ආරම්භකර ඇති බවයි.

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුව ද උතුරු පළාතේ ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමන කටයුතුවලට තවමත් බාධා එල්ල වී ඇති බවයි දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල ගැලීම් හේතුවෙන් පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චි, පුලියන්පොක්කනෙයි ප්‍රදේශයෙන් පාලමක් කැඩීයාමෙන් එහි ගමනා ගමනයට බාධා එල්ල වී පවතිනවා.

මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගයේ ද මුලතිව්, නයාරු ප්‍රධාන පාලම ජල ගැලීම්වලට හසුව කැඩීයාම හේතුවෙන් අදාළ මාර්ගයේ ද ගමනගමන කටයුතු සඳහා බාධා එල්ල වී පවතින බවයි වාර්තා වන්නේ.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ මන්නාරම සිට යාපනය දක්වා දිවෙන මාර්ගයේ ද ස්ථාන කිහිපයකින් මාර්ගයේ ගමනාගමන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36