යාපනය-නුවර මාර්ගයේ දරුණු අනතුරක් – දෙදෙනෙක් මරුට (ඡායාරූප)

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 187 හා 188 කණු අතර ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් 20 දෙනෙක් තුවාල ලබා ඇති බවයි ඕමන්ත පොලිසිය සඳහන් කළේ.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ හැටන් සිට කිලිනොච්චිය, විශ්වමඩු දක්වා පිරිසක් රැගෙන ගිය කැබ් රථයක් සහ යාපනය සිට වවුනියාව දෙසට ගමන්ගත් ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් කැබ් රථයේ ගමන්ගත් කිලිනොච්චිය, විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් සහ 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, තුවාලකරුවන් වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

IMG 20250818 WA0033
IMG 20250818 WA0032
IMG 20250818 WA0036
IMG 20250818 WA0039
IMG 20250818 WA0038
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?