spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනය ගුවන සැරසූ සරුංගල් සැණකෙළිය (ඡායාරූප)

ඊයේ (15) යාපනය, වැල්වැටිතුරෙයි උදයසූරියන් මුහුදු වෙරළ තීරයේදි අලංකාර සරුංගල් සැණකෙළියක් මෙවරද තෛපොංගල් දිනය නිමිති කරගෙන සංවිධානය කර තිබුණා.

වැල්වැටිතුරෙයි විග්නේස්වරා කමිටුව සහා වැල්වැටිතුරෙයි උදයසුරියන් ක්‍රීඩා සමාජය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර එය සෑම වසරකම තෛපොංගල් දිනට සමගාමීව පවත්වයි.

උදයසූරියන් වෙරළ තීරයේ පැවති සරුංගල් සැණකෙළියේදී දෙමළ හා හින්දු ජනතාවගේ සංස්කෘතින් විදහා දැක්වෙන ආකාරයේ අලංකාර සරුංගල් නිර්මාණ රැසක් යාපනය අහස පුරා දිස් වු අතර විශේෂත්වය වන්නේ ජනතාවට බලපා ඇති ගැටලු ආදියද නිර්මාණාත්මකව සරුංගල් මඟින් නිරූපණය කර තිබිමයි.

සරුංගල් සැණකෙළිය වෙනුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් වෙරළ තීරයට රැස්වී සිටි අතර සංවිධායකයින් විසින් පවත්වනු ලැබු තරඟ සඳහා රත්තරනින් තෑගි ලබා දීමද විශේෂත්වයක්.

https://youtu.be/yLV-vLMOKCM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?