AFC Banner
AFC Banner
Empty Ad

යාපනයේ වෙරළ තීරයට පාවෙමින් ආ අද්භූත නිවස (වීඩියෝ)

යාපනය – වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයට අද්භූත යැයි සැලකෙන කිසිවෙකු නොමැති නිවසක් පාවෙමින් පැමිණ තිබෙනවා.

ජල පහරත් සමග අද අලුයම 3ට පමණ මෙම නිවස ජලයේ පාවෙමින් ගොඩබිමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෑත කාලයේ බොහෝ අග්නිදිග ආසියාතික රටවල මුහුදු මට්ටමේ වෙනස්වීම් හේතුවෙන් මුහුදු කුණාටු සහ සුළි කුණාටු ඇති වනවා.

මියන්මාරය, තායිවානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව ආදී රටවලින් මෙම නිවස පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

එම නිවස බෞද්ධ ආගමට අයත් සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත වීම ද විශේෂත්වයක්.

බෞද්ධ සංස්කෘතිය හා ජීවත් වූ කිසිවෙකු මෑතකදී එහි පදිංචිව සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකි යම් යම් උපකරණ ද එම නිවසේ දකින්නට ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
5
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?