AFC Banner
AFC Banner
Empty Ad

යාපනයේ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

යාපනය, චුන්නාකම් පොලිස් වසමේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඊයේ (31) දින පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට ඇති බව චුන්නාකම් පොලීසිය පවසනවා.

තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඊයේ දින පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස්වීමක් ඇතිව එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් පසුව ඒක් අයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබෙනවා.

එහිදී බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර, පහරදීම සිදුකරන ලද පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා.

පසුව චුන්නාකම් පොලීසිය විසින් පලාගිය පුද්ගලයා සොයා සිදුකල සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඝාතනය පවුල් දෙකක් අතර වූ පුද්ලික ආරවුලක් මත සිදුව ඇති බවට අනාවරනය වී ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු 57 හැවිරිදි තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

පහරකෑමෙන් මිය ගොස් ඇත්තේ, තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි චන්ද්‍රනාත් ගෝපිනාත් නැමත්තෙකු වන අතර, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?