යාපනයේ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

යාපනය, චුන්නාකම් පොලිස් වසමේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඊයේ (31) දින පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට ඇති බව චුන්නාකම් පොලීසිය පවසනවා.

තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඊයේ දින පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස්වීමක් ඇතිව එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් පසුව ඒක් අයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබෙනවා.

එහිදී බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර, පහරදීම සිදුකරන ලද පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා.

පසුව චුන්නාකම් පොලීසිය විසින් පලාගිය පුද්ගලයා සොයා සිදුකල සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඝාතනය පවුල් දෙකක් අතර වූ පුද්ලික ආරවුලක් මත සිදුව ඇති බවට අනාවරනය වී ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු 57 හැවිරිදි තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

පහරකෑමෙන් මිය ගොස් ඇත්තේ, තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි චන්ද්‍රනාත් ගෝපිනාත් නැමත්තෙකු වන අතර, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27