spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ ධීවරයින් විරෝධතාවක

ධීවරයින් වෙනුවෙන් ලබාදෙන මාසික භූමිතෙල් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මත්ස්‍ය කර්මනාත්ය දැඩි ලෙසින් කඩාවැටීමේ අවධානමක් පවතින බැවින් වහාම ධිවරයින්ට ලබාදෙන භූමිතෙල් ප්‍රමාණය වැඩිකරන ලෙස ඉල්ලා යාපනයේ ධීවරයින් පිරිසක් ඊයේ (24) දින විරෝධතාවක නිරත වූහ.

යාපනය කාකෙයිතිවූ ධීවර ජැටියේ ධීවරයින් පිරිසක් දෛනික ධීවර කටයුතු වලින් ඉවත්ව මෙලෙස විරෝධතවයේ නිරතවෙමින් යාපනය ධීවර බලධාරීන්ට සහ ධීවර අමාත්‍යංශයේ අවධානය යොමු කොට කඩිනම් පියවර ලබාදෙන ලෙසට ඉල්ලා සිටියහ.

විරෝධතාවයේ නිරත වූ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටියේ, කාකෙයිතීවු ධීවර ජැටියේ ධීවර යාත්‍රා 225 ක් පමණ ධීවර කටයුතු වල නිරත වුවද ධීවරයින්ට ලබාදෙන භූමිතෙල් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් දිනකට ධීවර යාත්‍රා 10 කට පමණක් මසුන් ඇල්ලීමට යාමට සිදුව ඇති බවටයි.

මේ හේතුව නිසා ධීවරයින්ගේ දෛනික ආර්ථිකය දැඩි ලෙසින් කඩා වැටී ඇති අතරම මත්ස්‍ය කර්මාන්තයද කඩාවැටීමේ අවධානමක් පවතින බවට යාපනයේ ධීවරයින් පෙන්වා දෙයි.

එම නිසාවෙන් ධීවර බොට්ටුවක් වෙනුවෙන් මසකට ලබාදෙන භූමිතෙල් ලීටර් 30 ප්‍රමාණය ලීටර් 50 ක් දක්වා වැඩිකර ලබාදෙන ලෙසට විරෝධතාවයේ නිරත කාකෙයිතීවූ ධීවරයින් වැඩිදුරටත් පැවසූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?